ටුක් ටුක්... තත්පර, විනාඩි, දින, සති එක්ක ඔට්ටුවෙන අපේ ජීවිතවල ඉලක්කවලට දුවන්න අපට දැන් නැතිවම බැරි දෙයක් වෙලා...
ඕනෙම හදිසියකදී පාරට බැහැලා අත දිගු කරන පමාවෙන්, එහෙමත් නැත්නම් ජංගම දුරකථනය අතට අරන් යතුරු කිහිපයක් ඔබන පමාවෙන් වාහනයක් ළඟටම ගෙන්න ගන්න පුලුවන් තරමට අපි දියුණුයි...! ත්‍රීවීල් විතරක් නෙවෙයි.. තව ගොඩක් වාහන...
ඉතින් අපි අපේ ගමන් යනවා.. මේ යන ගමන් සමහරවිට අපි අපේ රථාචාරියා එක්ක.. ඒ කියන්නේ මේ අපේ වාහනේ රියැදුරුත් එක්ක... කතා කරන්න අවස්ථාව ලැබෙනවා...
පෞද්ගලිකව මට ඒ වගේ අවස්ථා ගොඩක් ලැබෙනවා....
පුදුමයකට වගේ ඒ හැම කතාවකම මට ජීවිතයට ගන්න දෙයක් පේනවා... ඒ බොහොමයක් අදහස් අනිත් අය එක්කත් බෙදා හදා ගන්න ලියල තියන්න තරම් වටිනවා කියලා මට හිතෙනවා...
මා එක්ක කතා කරන බොහෝ රියදුරන් හැමදාම මට අළුත් ජීවිත පාඩමක් කියා දෙනවා... හැමදාම ඔට්ටුවෙන න්‍යාය සහ සංකල්ප දාහකින් වත් ලබාගන්න බැරි සමාජ ඥානයක් ඒ කතන්දර මට ලබාදෙනවා... මටත් පුදුමයි...
ඒත් ඒක එහෙමයි...!
ඉතින් මං හිතුවා මේ පුදුම කතන්දර අකුරු කරන්න.... ඒව ඔබත් සමඟ බෙදා ගන්න...
ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති... අපි ඒවා බෙදා හදා ගමු...
ඔබට ඉසිඹුවක් ලැබෙන පරිද්දෙන් එන්න...
Tuk Tuk ජීවිත කියවන්න....

No comments:
Post a Comment