පාන්දර ඉඳලම මොරසූරන වැස්ස!
මහරගම ජනාධිපති විද්‍යාලයේ තිබුණු ගුරු පුහුණු අධීක්ෂණ සැසිය අවසන් කරලා අපි හතර දෙනෙක් ආපහු විශ්වවිද්‍යාලය
බලා එන්න පිටත්වුණා. වැස්සත් මාර්ග තදබදයත් නිසා සුපුරුදු පරිදි ත්‍රිරෝද රථයක්ම ඇණවුම් කරන්න තීරණය වුණා.
කලබලේ තරම කියනවනම් වාහන ඇණවුම් කිරීම සඳහා වැඩිම පළපුරුද්දක් ඇති අපේ සාමාජිකාව ඇස් දෙක පියාගෙන
හතරදෙනාටම යන්න එක ත්‍රීවිල් එකක් බුක් කරලා.. !
ඉතින් මොනව කරන්නද? ත්‍රීවීල් එක ඇතුලේ බරවාහන හතරක් යන්න බැහැනේ…

“කමක් නෑ. තව ත්‍රීවීල් එකක් ගෙන්න ගෙන අපි දෙන්න වෙනම එන්නම්..” අපි දෙන්නෙක් කිව්වා.
කොහොමහරි වාහන දෙකම එකම වෙලාවටම ආවා. අපි හතර දෙනාම පිටත් වුණා.
“ මිස්ලා ත්‍රීවීල් දෙකක් බුක් කළාද? “ ත්‍රීවීල් මල්ලි නගිනකොටම කතාව පටන් ගත්තා
.
“ඔව්. අපට පොඩි වැරදීමක් වෙලා.”
“ඒක තමයි මාත් බැලුවෙ. හතරදෙනාටම යන්න එක ලොකු වාහනයක් දාගන්න තිබ්බනේ. පොඩි ගානයි වෙනස්
වෙන්නෙ මිස්”
වෙන්නෙ මිස්”
“ඔව්. ඒත් කලින් ත්‍රීවීල් එක බුක් කරපු නිසා අපි කැන්සල් කළේ නැහැ.”
“මිස්ලට ඕනනම් බැහැලා වෙන වාහනේක යන්න. මට නම් ප්‍රශ්නයක් නෑ. මිස්ල සල්ලි තියෙනවට නෙවෙයිනේ මේ
යන්නේ ඕනෙකමකටනෙ.”
යන්නේ ඕනෙකමකටනෙ.”
වාහනේට නැගලත් ඉවරවෙලා යන්න ඕන තැන කිව්වම අනේ එහෙ නං යන්න බෑ මිස් කියලා මග දාලා යන ත්‍රීවීල්
රියදුරන් එක්ක බැලුවම මේ මල්ලිගෙ මනුස්සකම ගැන මට පුදුමත් හිතුනා.
රියදුරන් එක්ක බැලුවම මේ මල්ලිගෙ මනුස්සකම ගැන මට පුදුමත් හිතුනා.
“කමක් නෑ දැන් නැගපු එකනෙ. අපි යමු.” මම කෘතපූර්වකව කිව්වා.
අපේ ත්‍රීවීල් මල්ලි කැමති උනාට අනිත් ත්‍රීවීල් එකේ රියදුරු කැමති වෙයිද දන්නෙත් නෑනෙ.
අපි මඟක් දුරට ආවා. වාහන තදබදය අතරතුර තවත් ත්‍රීවිල් එකක් අතුරු පාරකින් මහපාරට දාන්න හදනවා.
වාහන කිහිපයක් ඊට ඉඩ නොදී තදබදය අතරෙත් කොහොමහරි ඉදිරියටම යන්න හදනවා.
අපේ ත්‍රීවීල් මල්ලි වේගය අඩු කරලා ඉඩ දෙන ගමන් වචනෙනුත් අනිත් ත්‍රීවීල් රියදුරුට උදව් කරනවා.
වාහන කිහිපයක් ඊට ඉඩ නොදී තදබදය අතරෙත් කොහොමහරි ඉදිරියටම යන්න හදනවා.
අපේ ත්‍රීවීල් මල්ලි වේගය අඩු කරලා ඉඩ දෙන ගමන් වචනෙනුත් අනිත් ත්‍රීවීල් රියදුරුට උදව් කරනවා.
“අයියෙ ඉක්මනට මගේ ඉස්සරහින් දාගන්න. නැත්තං ඔයාට අද යන්න වෙන්නේ නෑ”
“මම ගියත් අඩි දෙකයි තුනයිනෙ මිස් ඉස්සරහට යන්න පුළුවන්”
එයා පිටුපස බලමින් අපිට කියනවා.. මට ආයෙත් පුදුමයි.
පාසලක් ළඟින් යද්දි ත්‍රීවීල් මල්ලි වේගය අඩු කරනවා.
“ මම මේ බොහොම පරිස්සමෙන් යන්නේ පොඩි ළමයි පාර පනින නිසා. පොඩි අයට තේරෙන්නේ නෑනේ මිස්.
එකපාරටම පනිනව. හදිසියේ හරි මේකෙ බ්‍රේක් ලිස්සලා ගියොත්? ඒ නිසා මම නම් හරි අවධානෙන් යන්නෙ.
ඔය ඉස්කෝලවල ළමයින්ටත් කියන්න මිස් කහ ඉරෙන්ම විතරක් පාර පනින්න කියලා.
ළමයින්ට විතරක් නෙවෙයි අම්මලාටත් කියන්න. එහෙන් මෙහෙන් පනිනවා මම නම් දැක්කොත් බණිනවා.
ඒත් අම්මලාට ගාණක් නෑ. ෆෝන් එකත් කනේ ගහගෙන ළමයාවත් ඇදගෙන පාර පනිනවා.”
අපෙන් කිසිම අනුබලයක් නැතිවුනත් ත්‍රීවීල් මල්ලි තනියම කතා කරනවා.
“මම මේ කල්පනා කලේ මේ මනුස්සය මොන තරම් දේවල් හිතලා තියෙනවද කියලා..”
මාත් එක්ක හිටපු අනිත් මිස් මට රහසින් කියනවා.
“රස්සාවට ත්‍රීවීල් එක එලෙව්වට මහ ලොකු වාහනවල යන සමහර අයට වඩා සාමාන්‍ය බුද්ධියක් මේ අයට තියෙනවා”
අපි ත්‍රීවීල් මල්ලිට නොඇහෙන්න එයා ගැන කතා කරමින් ආව.
අපි ත්‍රීවීල් මල්ලිට නොඇහෙන්න එයා ගැන කතා කරමින් ආව.
එකපාරටම දඩස් ගාල ලොකු සද්දයක් එක්ක වාහන දෙකක් හැප්පුණා.
“ ඒ අර අනිත් මිස්ලා දෙන්නා ආපු ත්‍රීවීල් එක. පොඩ්ඩක් කෝල් එකක් දීල බලන්න මිස් මොකද වෙලා තියෙන්නේ
කියලා. ලොකු ඩැමේජ් එකක් වුණේ නෑ. මම කණ්නාඩියෙන් බලාගෙන හිටියෙ.”
කියලා. ලොකු ඩැමේජ් එකක් වුණේ නෑ. මම කණ්නාඩියෙන් බලාගෙන හිටියෙ.”
ත්‍රීවීල් මල්ලි වාහනේ අයින් කරලා නැවැත්තුවා.
“කතා කරලා බලන්න මිස්. ඒ මිස්ල දෙන්නටත් මේ වාහනයට එන්න කියන්න. කොහොමහරි යමු.”
ත්‍රිවිල් මල්ලිගෙ කරුණාව ගැන පුදුම වෙමින් මම අනිත් වාහනේ හිටපු එක්කෙනෙක්ට ඇමතුමක් ගත්තා.
“අපි ආපු ත්‍රීවීල් එක හැප්පුනානේ. ඔයාල යන්න. අපිට ඉක්මනට එන්න පුළුවන්. කරදරයක් නෑ”
එහා පසින් කිව්වා.
“ එයාලා එන්නම්ලු. අපිට යන්න කිව්වා”
කරදරයක් නැති බව නැවත නැවත සහතික කළ නිසා මම ත්‍රීවිල් මල්ලිට කිව්වා.
“ශුවර් නේද මිස්? එයාලට පරක්කු වෙයිද දන්නෑ”
“ඔව් දැන් එයාලා දැන් එනවලු.”
“එහෙනං කමක් නෑ අපි යං.” මල්ලි ආයෙත් වාහනේ පණ ගැන්නුවා.
තත්පර දෙක තුනක ප්‍රමාදයවත් ඉවසගන්න බැරුව ඉගිල්ලෙන්න හදන සමහර කුලී රථ රියදුරන් මට මතක් වුණා.
තත්පර දෙක තුනක ප්‍රමාදයවත් ඉවසගන්න බැරුව ඉගිල්ලෙන්න හදන සමහර කුලී රථ රියදුරන් මට මතක් වුණා.
කොහොම කොහොම හරි මල්ලිගෙ කතාවත් එක්ක අපි විශ්වවිද්‍යාලයට ආවා.
“ඔන්න මං මිස්ලව නම් පරිස්සමෙන් ගෙනත් බැස්සෙව්වා. යාලුවො දෙන්නට කෝල් එකක් දීල බලන්න මිස්.
එහෙනම් මං ගියා. බුදු සරණයි.”
එහෙනම් මං ගියා. බුදු සරණයි.”
අපිට කතා කරන්න හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා ත්‍රීවීල් මල්ලි යන්න ගියා.
පොත් දාහක් කියවලවත්, දේශන දාහකට සහභාගි වෙලා වත් ලබාගන්න බැරි සමාජ ඥානයක් ත්‍රීවිල් මල්ලි විනාඩි
කිහිපයකින් අපට ලබාදුන්නා.
අපට මග තොට හමුවන අප්‍රසිද්ධ චරිත අතරේ හරි සුන්දර චරිත ජීවත් වෙනවා නේද කියලා මට අායෙත් හිතුණා.
රළු පරළු පාරවල් දිගේ අව්වේ වැස්සේ වාහන එලෙව්වට ඒ සමහර හදවත් හරි සියුමැලි බව
හැමදාම වගේ මට ආයෙත් තහවුරු වුණා…

No comments:
Post a Comment